සති 22ක එනම් දින 126ක වඩාත් අඩුම ගර්භනී කාලයකින් කැනේඩියානු ජාතික දරුවන් දෙදෙනකු ලොව උපත ලැබූ නිවුන් දරුවන් ගිනස් වාර්තා අතරට එක්ව ඇති බව වාර්තා වී තිබේ.
දරුවකු මවු කුසින් මෙලොව එලිය ලබන්නේ සාමාන්‍ය සති 40 ක ගැබිණි කාලයකින් පසුව නමුත් මෙම දරුවන් දෙදෙනා එම කාලයට සති 18 ට පෙර මෙලොවට බිහිව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ.
ආඩියා සහ ඒඩ්‍රියල් නඩරාජා නම් දරුවන් දෙදෙනා මෙසේ උපත ලබා ඇති බවයි සදහන් වන්නේ.
