දියණිය ගෙළ වැළලාගෙන මියෙද්දී නාගරික මන්ත්‍රීගේ ගෝලයන්ගෙන් වෛද්‍යවරයාට ගුටිබැට.

Dead woman lying on the floor under white cloth with focus on hand

බදුල්ල නාගරික මන්ත්‍රීවරියකගේ දියණියක් ගෙළ වැළලාගෙන ඇති අතර ඇය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඥාතීන් විසින් වෛද්‍යවරයෙකුට පහර දී තිබේ.

වෛද්‍යවරයාට පහරදීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රෙයක් ද සිටින බව පොලිසිය සඳහන් කරයි.

බදුල්ල, කණුපැලැල්ල මාර්ගයේ පිහිටි මන්ත්‍රීවරියගේ නිවසේදී ඇයගේ වයස අවුරුදු 17ක් වන දියණිය ගෙළ වැලලාගෙන සියදිවි නසාගෙන තිබේ.

අනතුරුව අදාළ දැරිය ඥාතීන් විසින් බදුල්ල මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය දැරිය බේරා ගැනීමට පැයක පමණ උත්සහයක් දරා තිබේ.

මේ අතර දැරිය මියගිය බවට වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කිරීමත් සමග එම ස්ථානයේ සිටි නාගරික මන්ත්‍රීවරියගේ පුත්‍රෙයකු ඇතුලුව ඥාතීන් බව සඳහන් කිහිපදෙනෙක් වෛද්‍යවරයෙකුට පහර දී තිබේ.

මෙසේ ඥාතීන්ගේ පහරකෑමට ලක්ව ඇත්තේ බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථානභාර වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ වන අතර පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පහරදුන් පිරිස අතර සිටි ඇතැම් පුද්ගලයින් බීමත්ව සිට ඇති බවයි.

Exit mobile version