දියණියක්, ලක් මව රනින් සරසයි.

2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒමට නදීෂා රාමනායක සමත් වී තිබේ.

ඒ, මීටර් 400 කාන්තා අවසන් තරගයේදී පෞද්ගලික හොඳ ම දක්ෂතාව (52.61) පිහිටුවමිනි.

ඇය ඉසව්ව තත්පර 52.61කින් අවසන් කර ඇත.

තායිලන්තයේ, බැංකොක් නුවර මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙයි.

Exit mobile version