මේ දිනවල පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පස්කඳු කඩා වැටීම් සහ ජල ගැලීම් වාර්තා වී ඇත.
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාව සමග හැටන් ඔය පිටාර ගලා ඇති අතර ඉන් වටවල ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයක් හමුවේ නිවාස 30කට අධික ප්‍රමාණයක් ජලයෙන් යටව ඇති බව වාර්තා වේ.
ගංවතුරෙන් අවතැන් වූ ජනතාව මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇත.
ඊයේ දින පස්කඳු කඩා වැටීම හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට බාධා එල්ලව තිබූ අතර මේ වන විට එම මාර්ගය පිළිසකර කර යළි විවෘත කර ඇති බව ද වාර්තා වේ.
