දිස්ත්‍රික්ක 3කට 55 ට බිත්තර.

ගාල්ල, කොළඹ හා මහනුවර යන දිස්ත්‍රික්ක මුල් කරගනිමින් අදත් (30) රු 55 ට බිත්තර අලවි කරණ බව බිත්තර සංගම් ප්‍රකාශකරයි.

පසුගිය 28 වැනිදා මෙම වැඩසටහන ආරම්භ කල අතර අද දින දෙවන දිනට ඉහත දිස්ත්‍රික්ක වල ප්‍රධාන නගර මුල් කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කල යෝජනාවකට අනුව පාරිබෝගිකයන්හට අඩු මුදලට බිත්තර අලවි කිරීමේ වැඩසටහනක් ලෙස මේය ක්‍රියාත්මක කරණ අතර සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසන්නේ ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට නොහැකි උවත් තාවකාලිකව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇති බවයි.

Exit mobile version