දීපවාලී පාසල් නිවාඩුව

අද (13) දිනයේ දීපවාලී උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලු දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.

වාර්තා වන ආකාරයට අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ උත්සව දිනය ඊයේ (12) ඉරිදා දිනයට යෙදී තීබිම හේතුවෙන් පාර්ශව කිහිපයකින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සියලු දෙමළ පාසල් සඳහා අද නිවාඩු ලබාදීමට තීරණය කළ බවයි.

කෙසේවෙතත් ඒ වෙනුවට නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින අදාළ පාසල් පැවැත්විය යුතු බවත් සෙසු පාසල්වල අධ්‍යයන ක්‍රියාවලීන් සඳහා මෙම තීරණය අදාළ නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version