අරගලයේ දීර්ඝතම පා ගමන හෙට (03) ඇඹිලිපිටියේ සිට කොළඹට

හෙට (03) සිට දින 08 ක් පුරා දීර්ඝ පා ගමනක් සංවිධානය කිරීමට නිර්පාක්ෂික අරගලකරුවන් නමින් කණ්ඩායමක් කටයුතු කර තිබේ. ඒ ඇඹිලිපිටියේ සිට ගාලු මුවදොර දක්වාය.

“යුක්තිය වෙනුවෙන් පිසාචයෝ” නමින් සදහන් එම පා “ රත්නපුර දිස්ත්‍රික් ජනතා හඬ “ නමැති සංවිධානයක් සංවිධානය කර තිබේ. එහි අරමුණ වී ඇත්තේ දැනට පවතින ජනතා ගැටළු වලට පිළිතුරු ලබා දෙන ලෙස රජයට බල කිරීමටත්, එසේ කිරීමට නොහැකි නම් වහාම ඉවත් ව යන ලෙස බලකිරීමත්, මේ වන විටත් රජයට විරුද්දව පවතින අරගල වලාට සහාය ලබා දෙමින් ගාලු මුවදොර තිබෙන “අරගල පිටිය” ශක්තිමත් කිරීමත් බව සදහන් වේ.  

වර්තමානයේ පැවැත් වූ පාගමන් වලින් දීර්ඝතම පා ගමන එය වන අතර හෙට උදෑසන 09.00 ට එය ඇඹිලිපිටියෙන් ආරම්භ වීමට නියමිත බවද වාර්තා වේ. ගමන් විස්තරය පහතින්.

මැයි මස 3 වන දින, ඇඹිලිපිටිය සිට පල්ලේබැද්ද දක්වාද,

මැයි මස 4 වන දින, පල්ලෙබැද්ද සිට පැල්මඩුල්ල දක්වාද,

මැයි මස 5 වන දින,පැල්මඩුල්ල සිට කුරුවිට දක්වාද,

මැයි මස 6 වන දින, කුරුවිට සිට අවිස්සාවේල්ල දක්වා,

මැයි මස 7 වන දින, අවිස්සාවේල්ල සිට හෝමාගම දක්වාද,

මැයි මස 8 වන දින, හෝමාගම සිට හයිලෙවල් පාරේ තුම්මුල්ල වටරවුමෙන් ගාලු පාර දිගේ ගාලුමුවදොර දක්වාද ගමන් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Exit mobile version