ගිනිගත් ශ්‍රී ලංකාව නැවත නිවන්නට විශේෂ අවධානයක් යොමු වුයේ වෙසක් පොහොය දිනය ලග ලග පැමිණෙමින් තිබු නිසාය. අරගලයේ යෙදුනු බුද්ධිමත් තරුණයන් අද දිනය වෙනුවෙන් පෙළගැසිය යුතු බවට තීරණය කෙරුනේ මේ විශේෂ දිනය ලඟ ලඟ පැමිණෙමින් තිබු නිසාය.
සිදුහත් කුමරු නමැති රාජ කුමාරයෙක් නොහොත් විශිෂ්ඨ දරුවෙකුගේ ඉපදීම සනිටුහන් කිරීමත්, සියලුම සැප අත් හැර දමමින් අලුත උපන් දරුවාද, තම බිරිඳ ද අත් හැර දුක් විඳින මිනිසුන් වෙනුවෙන් ඔවුන් නිවීමේ මාර්ගය සොයා ගත්තේද අද දිනයි. එය බුදු වීම ලෙස සදහන් කරයි. බුද්ධ යනු අවධි වීම නම් වේ. අවුරුදු හයක් පුරා ලැබූ ආධ්‍යාත්මික අත් දැකීම් වලින් පසුව සියලු සත්‍ය සොයාගත් මේ අපූර්ව මිනිසා උපදින්නේ ක්‍රිස්තු පූර්ව පස් වැනි සියවසේදී නේපාලයේදී බව බෞද්ධ ඉතිහාසය පෙන්වා දෙයි. ධනය සහ සුඛෝපභෝගී බව සතුටට සහතික නොවන බව සිද්ධාර්ථ ගෞතම තේරුම් ගත් බැවින් ඔහු ලෝකය ගැන මිනිසාට තේරුම් කර දිය යුතු නිසා නිවසක් හෝ නොමැති ශුද්ධ මිනිසෙකු ලෙස ගම් නියම්ගම් පුරා සැරිසරණ ලදී. ඔහු ලෝකයේ දුක් වේදනා දුටුවේය.
ලෝකය හෝ කිසිම සියල්ලම මැවූ එකම දෙවියෙකු හෝ සැබෑ බෞද්ධයන් විශ්වාස නොකරයි. බුද්ධ යනු නමකට වඩා මාතෘකාවකි. මේ උතුම් මිනිසා බුද්ධත්වයෙන් පසු තම අභාවය දක්වාම තමන්ගේ අත්දැකීම් මිනිසුන් වෙනුවෙන් උගන්වන ලදී.
සැබෑ බෞද්ධයන් මෙදින ආමිෂ මෙන්ම ප්‍රතිපත්ති පූජා වල නිරතවෙමින් පින් දහම් වල යෙදති. දකුණු ආශියාතික රටවල් වල මැයි මාසයේදී යෙදෙන පුරාණ චන්ද්‍ර මාසය වන වෙසක් මාසයේ පළමු පුර පසළොස්වක පොහොය දිනය මෙසේ සමරනු ලබයි.
ගෞතම සිධාර්ථ කුමරුගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම සනිටුහන් කරන අද (15) ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දිනයකි. පවතින දැඩි ආර්ථික සහ සමාජීය විනාශය නැවත ගොඩ නගාගැනීම සදහා කල යුත්තේ කුමක්ද යන්න බුදු දහම තුල මැනවින් උගන්වා තිබේ.
අප සියලුම දෙනා එක්ව ලෝකයට සාමය, ශාන්තිය උදා වේවා….
ශ්‍රී ලාංකිකයන්ගේ සියලුම ප්‍රශ්න විසදා ගැනීම බුදුන් දෙසු මග යන්නට සැමටම සිත් පහල වේවා…
