දෙහිවල දුම්රිය ස්ථානය අසලදී මහනුවර සිට මාතර බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියෙන් ඇදවැටී පුද්ගලයකු මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ නිබෝජන් නැමති 30 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු කිලිනොච්චිය දිස්ත්රික්කයේ ස්වාධීන මාද්යවේදියකු බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරට මුහුණ පා ඇත්තේ මිතුරන් සමග දුම්රියෙන් විනෝද චාරිකාවක් යමින් සිටියදී බව වාර්තාවේ.
මියගිය පුද්ගලයාගේ දේහය මේවනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබේ.
