දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පණිවුඩයක්.

ප්‍රවාහන කටයුතු සඳහා දුම්රිය භාවිතා කිරීමේ දී එයින් මගී තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන මෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීම් කරයි.

දුම්රිය ගමනා ගමන සේවය නැවත ආරම්භ වූයේ ප්‍රධාන වශයෙන් රාජ්‍ය සේවකයන්ට මෙන් ම රරැකියාවල නියුතුවන්නන්ගේ ප්‍රවාහන පහසුව උදෙසාය.එය නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ක්‍රියාත්මක විිය යුතුව තිබියදීත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත්තේ, දුම්රිය ගමන් වාර කිහිපයක් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් පලකළ ධම්මික ජයසුන්දර මහතා,

“දුම්රියේ ගමන් කිරීමේ දී තදබදයකින් තොර දුම්රිය තෝරා ගැනීමට කටයුතු කරන ලෙසත්, දුම්රිය තුළ ගමන් කිරීමේ දී මුඛ ආවරණ පලඳාගෙන රජයෙන් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිිපදිමින් ගමන් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.දුම්රිය සුථානයට ඇතුළු වීමේ දී අත්සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා තියෙනවා.එම පහසුකම් භාවිතා කර,රෝගය ව්‍යාප්ත වීම මැඩපැවැත්වීම සඳහා උදව් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.අනිවාර්යෙන්ම දුම්රිය සේවය ලබා ගන්නා මගියාගේ සහ භාණ්ඩ ප්‍රවාහනකරුගේ අවශ්‍යතාවය පරිදි අනුගත විය යුතුයි.ඒ සඳහා අපි කරන නිරීක්ෂණ චාරිකා සහ මගීන්ගෙන් සහ අනෙකුත් අංශවලින් ලැබෙන ප්‍රතිචාර මත සේවය ලබා දීමට අවශ්‍ය පරිදි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

Exit mobile version