දුම්රිය ධාවනය ආරම්භයට අවසර ලබාදෙන ලෙස වෘත්තීය සමිති ඉල්ලයි

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය විසින් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

මේ වන තෙක් දුම්රිය ධාවනය ආරම්භ නොකිරීම හේතුවෙන් රාජ්‍ය අංශය් මෙන්ම පෞද්ගලික අංශයේ ද සේවකයින් දැඩි අසීරුතාවයට ලක්ව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එහි ප්‍රධාන ලේකම් එස්.ටී.විතානගේ මහතා සඳහන් කර ඇත්තේ.

ඔවුන් පෙන්වා දෙන්නේ රටේ සියලුම අංශයන් විවෘතව ඇති මොහොතක දුම්රිය සේවය පමණක් ආරම්භ නොකිරීම ගැටලුකාරී තත්ත්වයක් වන බවත් පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුව දුම්රිය සේවය ආරම්භ කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඔවුන් ඉල්ලීම් කර ඇත.

Exit mobile version