දුම්රිය පීලි පැනීමක්.

බදුල්ල සිට පෙරවරු 10.25 කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය අද දින ගලබඩ හා වටවල දුම්රිය ස්ථාන අතරදී පිලී පැනීමකට ලක් වී ඇති බව වාර්තා වේ .

එම දුම්රියේ අවසාන නැරඹුම් මැදිරියේ අවසාන රෝද හතරක් මෙසේ සවස 04.45ට පමණ පිලි පැන තිබේ.

එසේ පිලි පැනීමකට ලක්වූ අවසාන මැදිරිය එම ස්ථානයේ තබා දුම්රියේ ඉතිරි කොටස සවස 06.30 ට පමණ කොළඹ කොටුව බලා ධාවනය කොට ඇති බව සදහන් වේ.

මේ වන විට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට එම මැදිරිය පිලී ගත කිරීම සඳහා සේවා දුම්රියක් හා දුම්රිය සේවකයන් එම ස්ථානය වෙත පිටත් කොට ඇති අතර , බොහෝ දුරට අද දින ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් එම ස්ථානයට ලගා වීමට ප්‍රථම අදාල මැදිරිය පිලීගත කිරීමට සැලසුම් කරමින් ඇති බව වාර්තා වේ.

Exit mobile version