දුම්රිය භෝජනාගාරයක් වටලයි.

මඩකලපුවේ සිට කොළඹ බලා රාත්‍රී 8.15 ට පිටත් වීමට තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ භෝජනාගාරය මඩකලපුවෙන් පිටත් වීමට පෙරාතුව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විසින් වටලා තිබෙන අතර එහි තිබී ආහාරයට නුසුදුසු කෑම තොගයක් සොයා ගත් බව හා එම කෑම වල කැරපොත්තන් සහ කුහුඹුවන් සිටි බවත් ඔවුන් ප්‍රකාශ කරයි.

එමෙන්ම එම භෝජනාගාරයේ කොන්ත්‍රාත්කරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බවද වාර්තා කරයි.

Exit mobile version