දුම්රිය මාර්ගයක් ගිලා බසියි

මීරිගම සිට කොළඹ දෙසට ගමන් ගන්නා දුම්රිය මාර්ගයේ කොටසක් අද (14) ගිලා බැස තිබේ.

මෙසේ ගිලාබැස ඇත්තේ මීරිගම විජය රජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ එක් කොටසකි.

මෙම ස්ථානයේ ගිලා බැසීම හේතුවෙන් අනෙක් දුම්රිය මාර්ගය ද මේ වන විට අවදානමට ලක් වී තිබෙණ අතර මේ නිසා එම මාර්ගයේ ද දුම්රිය ගමනාගමන කටයුතු වේයන්ගොඩ දක්වා පමණක් වන ලෙස දැනට සීමා කර ඇත.

මේ වන විට එම මාර්ගයේ පිළිසකර කිරීම් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

Exit mobile version