දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් යකඩ සොරකම් කල බව කියන එම දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් සිවු දෙනකුගේ වැඩ තහනම් කර ඇති බව සදහන් වේ.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම නිලධාරීන්ගේ වැඩ අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුන් සිවු දෙනා විසින් මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආනයනය කළ රුපියල් ලක්ෂ ගණනක යකඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්භන්ධව වැඩ තහනම් කර ඇති බවයි සදහන් වන්නේ.
අදාල නිලධාරීන් සිව්දෙනා සොරකම් කරණ ලද යකඩ වල වටිනාකම ගණන්බලා නොමැති අතර ඔහුන් එම ව්‍යාපෘතියේ ඉහළ තනතුරු දරන පුද්ගලයන් බව සදහන් වේ,
