දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ග ඇරඹේ

අද (15) දහවල් සිට දුම්රිය රියදුරන් ආරම්භ කරන ලද වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දැඩි ලෙස දුම්රිය මගීන් අපහසුතාවයට පත්ව ඇත.

මේ හේතුවෙන් පාසල් ළමුන් ද අපහසුතාවයට ලක්ව තිබුණේ දහවල් පාසල් අවසන් වීමෙන් පසුව නිවෙස් කරා යන දරුවන් ය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා ඉවහල්ව ඇති කරුණු වන්නේ දුම්රිය එංජින් රියදුරන් ඇතුළු දුම්රිය ශ්‍රේණි ගණනාවක උසස්වීම් අහිමිකිරීම හා අත්තනෝමතික ලෙස පසුගිය කොවිඩ් වසංගත සමයේ සේවයට පැමිණීමට නොහැකි වූ සේවකයින් සේවයෙන් ඉවත්කිරීම ආදිය බව වාර්තා වේ.

ඒ අනුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය නියාමක සංගමය, දුම්රිය එංජින් රියදුරන් සහ සෙසු වෘත්තීය සංගම් ගණනාවක් සහය දක්වනු ලබයි.

Exit mobile version