දුම්රිය ස්ථානයක් කොවිඩ් නිසා වසා දැමේ

කඳාන උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා ඇත.

එසේ වසා දැමීමට තීරණය කර ඇත්තේ එම දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු උප දුම්රිය ස්ථානාධිපතිවරයෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීම හේතුවෙනි.

ඒ අනුව එම දුම්රිය ස්ථානය මේ වන විට විෂබීජහරණය කර විවෘත කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Exit mobile version