දුම්රිය ස්ථානාධිපතිවරුන් යළිත් වර්ජනයේ

ඊයේ (13) දිනයේ දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ක්‍රියාත්මක කරන ලද සංකේත වැඩ වර්ජනය අවසන් කර එම උණුසුම නැති වීමටත් පෙර ඔවුන් යළි හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් කරා යොමුව ඇත.

ඒ එම සංගමයේ උප සභාපතිවරයා වැඩ තහනමකට ලක් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතු කිරීමත් සමගිනි.

ඒ අනුව අද (14) දහවල් හදිසියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසියේ සිය රාජකාරියෙන් ඉවත්ව ගොස් ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් අත්තනෝමතික ලෙස තම සංගමයේ උපසභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට විරෝධය පල කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගත් බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේ.

Exit mobile version