දුම්වැටියක මිල ඉහළ යන ලකුණු

දුම්පානය තවදුරටත් අඩු කිරීමේ අරමුණින් එළඹෙන අයවැයේදී දුම්වටියක මිල මිලසුත්‍රයකට අනුව වැඩිකරන ලෙස යෝජනා කර ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

පසුගිය සැප්තැම්බර් මස පළමු වනදා අවසන් වරට දුම්වැටියක මිල ඉහළ දැමීමක් සිදු කර ඇත.

එසේම තනි දුම්වැටි බැගින් අලෙවි කිරීම නවතා දැමිය යුතු බවට ද යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Exit mobile version