දුමින්ද සිල්වා රටින් පැන්නාද ?

මරණීය දණ්ඩනයට නියමව සිට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ දුමින්ද සිල්වා මහතා අත් අඩංගුවට ගන්නා ලෙස අද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී. ඒ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහ්තමිගේ පාර්ශ්වයෙන් පවරා තිබු මූලික අයිතිවාසිකම් ඝනයට අයත් නඩුවක් විභාගයට ගැනීමට තීන්දු කිරීමත් සමගිනි.

කෙසේ වුවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පසුගිය දිනයක විදේශ ගතව තිබේ. ආරංචි මාර්ග සදහන් කලේ ඔහු තවමත් ශ්‍රී ලංකාවට පැමිණ නැති බවයි.

අපට ලැබී තිබෙන තොරතුරු වලට අනුව මැයි මස 07  වැනිදින උදෑසන 12.50 කටුනායක සිට සිංගප්පුර් දක්වා පිටත්ව ගොස් ඇත්තේ සිංගප්පුරු ගුවන් සමාගමට අයත් SQ – 469 අංක දරන ගුවන් යානයෙනි.

කෙසේ වුවත් ඔහු ලංකාවට පැමිණියේද යන්න පුවත අප විසින් තවමත් සනාත කරගැනීමට උත්සාහ කරමින් සිටින අතර ඔහු එසේ විදේශගතව සිටින්නේ නම් මෙම අද සිදුවීමත් සමගම ලංකාවට පැමිණේවිද යන්න සැක සහිතය.

කෙසේ වුවත් මෙරට දේශපාලනය විසින් සියලු සමාජ ක්‍රමයන් විකුර්ති කර තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස කිසිම මිනිසෙකුට නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය පවා නැතිකර තිබේ.

Exit mobile version