පොලීසිය විසින් තරුණයන් දෙදෙනකු ඝාතනය කොට වල දැමු සිද්ධියේ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.
සැකකරුවන් වැලිඔය මාවනැල්ල යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බව වාර්තාවන අතර මොහුන් විසින් තරුණයන් දෙදෙනා ඝාතනය කර ඇත්තේ මත්ද්‍රව්‍ය අරවුලක් හේතුවෙනි.
මොහුන් දෙදෙනාට අමතරව තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ප්‍රකාශ කරයි.
මියගිය තරුණයන් දෙදෙනා නොවැම්බර් මස 28 වන දා සිට අතුරු දහන් ව සිටි අතර ඔහුන් දෙදෙනාගේ මළසිරුරු පසුගිය බ්‍රහස්පතින්දා සොයාගන්නා ලදී.
මිය ගිය එක් තරුණයකුගේ යතුරුපැදියද අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ නිවසේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.














































