දෙපිරිසක් අතර පුද්ගලික ආරවුලක් මත ඇති වූ ගැටුමකින් දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.
ගිරිඋල්ල උදියාවල ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රීයේ තියුණු ආයුද වලින් පහර දී මෙම ඝාතන දෙක සිදු කොට ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය දෙදෙනාගෙන් එක් අයකු STF සැරයෙන් වරයෙක් බවයි පැවසෙන්නේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයන් දඹදෙනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 හා 41 යන වයස් වල පසු වූ අය බවයි වාර්තා වන්නේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණ අද (16 ) දින සිදුකිරීමට නියමිත අතර මෘත ශරීරයන් දඹදෙනිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ.
ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.