දෙහිවල මුහුදු තීරයේ දී කිමිදුම්කරුවෙකු කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මසුන් ඇල්ලීමේ නිරතව සිටි කිමිදුම්කරුවෙක් බවට තොරතුරු වාර්තා වී ඇත.
අදාළ පුද්ගලයා කිඹුලාගේ ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
රත්මලාන දුම්රිය නිවාසයන්හි පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
