දේවමෑණිගේ රන් භාණ්ඩ කොල්ල කාලා.

දේවාලයක් පවත්වාගෙන ගිය මෑණිවරියකගේ රන් ආභරණ කොල්ල කෑ යුවළක් ඉංගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

දේව වරමින් ශාස්ත්‍ර කියමින් අඳුන් බැලීම සිදු කරන මෑණියන් ලෙස හඳුන්වන කාන්තාව සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරු ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබේ.වසර දෙකක කාලයක් ඔහු දේවාලයේ මෑණියන්ගේ ආවතේව කටයුතු කරමින් සිටි ඇති අතර එහිදී අදාළ මෑණියන් සතුව තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සොරා ගෙන ඇති බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඒ අනුව සිදු කළ විමර්ශනයකට අනුව ඉංගිරිය පොලිසිය සැකකරු සහ ඔහුගේ පෙම්වතිය බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව සදහන් වේ.

අත්අඩංගුවට ගත් යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .

Exit mobile version