දේශපාලනයට මුවා වී සිටින කොටි මහ මොළකරුවන්. ගෝඨාභයට අමෙරිකාවේ  නඩු පැවරුවේ මම. හැමෝගෙම නිරුවත එලියට එයි

ජනතා නැගී සිටීම් හමුවේ ශ්‍රී ලංකාවෙන් පලාගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවට යාමට නොහැකිවන ලෙස නඩු පැවරු LTTE සංවිධානයට ජංගම දුරකථන ගෙන්වා වසර 03ක් සිර දඬුවම් විඳි පුද්ගලයෙක්  වන ඔහු නමින් රෝයි සමාදානම්.

කෙසේ නමුත් වසර ගණනාවක සිට මෙරටට LTTE  සංවිධානයට අවිආයුධ ලබා දුන් අනුග්‍රහ දැක්වූ කේපී නමැති පුද්ගලයෙකු අදටත් STF ආරක්ෂාව සහිතව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින බව ද ඔහු හෙළි කරයි. එවැනි පුද්ගලයෙක්ට ආරක්ෂාව ලබා දෙමින් රට තුළ තබා ගැනීමේ අවශ්‍යතාවය,අරමුණ කුමක් ද?පාලකයන් කුමක් සැලසුම් කරන්නේ ද යන්න සැක සහිතය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සිදු වූ බොහෝ ත්‍රස්ථ ප්‍රහාරයන්ට සම්බන්ධ බලවතුන් කිසිදු ගැටලුවකින් තොරව ශ්‍රී ලංකාව තුළ ආරක්ෂිතව රැඳී සිටින බවත්, ඇතැමුන් දේශපාලනයට පවා සම්බන්ධව සැප විඳිමින් දිවි ගෙවන බවත්, LTTE මුවාවෙන් තවත් සංවිධාන ඒ තුළ තිබූ බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත.

බොහෝමයක් සල්ලි තියෙන කොටි පවුල්වල සාමාජිකයින් රට යවලා දුප්පත් එවුන් හිරේට දැමීමේ ව්‍යාපාරයක් මොවුන් විසින් ක්‍රියාත්මක කර ඇති බවත්, එය සම්පූර්ණයෙන්ම දේශපාලන ඩීල් එකක් බවත් ඔහු මෙහි දී පෙන්වා දෙයි.

කරුණා ,පිල්ලෙයාන්, කේපී වැනි මහා කොටි මොළකරුවො ආණ්ඩුව ආරක්ෂා කරමින් දුප්පත් මිනිස්සු හිරේ දැමීමට කටයුතු කරයි. මෙය කුමන දේශපාලන පක්ෂයක් සිද කළ ද කුමන ත්‍රස්ත කණ්ඩායමක් සිදු කළ ද ඉන් රටට වු හානිය කෙතරම් දැයි සඳහන් කළ නොහැකි තරම් ය.

මෙම යුධ සමයේ දී ශ්‍රී ලංකාව සම්පූර්නයෙන්ම ආර්ථික,සංස්කෘතික දේශපාලනික යන සියලුම අංශයන්ගෙන් විනාශයට පත්විය.මෙය දේශපාලකයන්ට ධනවතුන්ට එක්තරා ඩීල් එකක් පමණක් වුවත් මෙරට තුළ ජීවත් වන දුප්පත් මනුෂ්‍යයන්ට නම් එය එසේ නොවනු ඇත.

ඔවුන් ඩීල් ගසයි.ඔවුන්ට අවශ්‍ය දේ ලබා ගනියි.එරටින් පිටව ගොස් සැපට දිවි ගෙවයි.නමුත් මෙරට ජනතාව පීඩාවෙන් දිවි ගෙවනු ලබයි.අදටත් ජනජීවිත මෙම අමානුෂික යුද්ධය නිසා ඇති වූ විනාශයන්ට වගකියන්නේ ඔවුන් සිදු කළ යමක් නොමැති පරිසරයකදී ය.

මේ අතර වඩාත් අවධානය යොමු වන කරුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙත අමෙරිකාවෙන් පවරා ඇති මානුෂීය අයිතීන් කඩ කිරීම සම්බන්ධ නඩුව වන අතර අදාළ නඩුව මෙම රෝයි සමාදානම් නමැති පුද්ගලයා ඇතුළු පිරිසක් විසින් පවරන ලද බව ඔහු ප්‍රකාශ කරන ලදී.

මෙම නඩුවට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකාවට යළි යාමට නොහැකි  වන බව සඳහන් වේ.

සම්පත්වලින් පිරි සෞභාග්‍යමත රටක පාලනය හිමි වුවද එය රැකගෙන සිය වැඩපිළිවෙළ නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වාතාවරණයක් තුළ තම මවු රටෙනුත් පලා ගොස් ලොව පුරා රටවල සැරිසරමින් දිවි ගෙවීමට සිදු වීම කෙතරම් අභාග්‍යයක් ද.

නමුත් එය ඔවුන් සැපපහසු වූවක් ද විය හැකිය.ඔවුන් මේ මිනිසුන්ගෙන් සූරා කෑ ධනය බලය ගොඩ ගසාගෙන සැප ජීවිත ගත කිරීමට කටයුතු කරයි.දුප්පත් මනුෂ්‍යයන් මහ මග දුක් විඳියි.

මෙහි දී පුරවැසියන් වන අපට වරදක් කළ බව මතකයේ තබා ගත යුතුව ඇත.තමන්ට හිමිවන ජන බලය නිසි ලෙස බුද්ධිමත්ව භාවිත කර නිසි පුද්ගලයා බලයට පත් කිරීමට නොහැකි වූ කල මෙවන් විපත් සිදු විය හැකි බව දැන්වත් අප මතකයේ තබාගත යුතුව ඇත.ධනයට බලයට  කෑදර මිනිසුන් බලයට පැමිණි විට සිදු කරන්නේ ඔවුන්ගේ මල්ල පුරවා ගැනීමට කටයුතු කිරීම පමණක් බව අපට පසුගිය කාලවකවානුව තුළ හොඳින්  පැහැදිලි විය.

සම්පූර්ණ කතාව සහ සමාජ දේශපාලනයේ සාමාන්‍ය මිනිසුන් දුක් විඳින ආකාරය හොඳින් අහන්න

Exit mobile version