විධායක ජනාධිපතිවරයාට තබා කිසිවෙකුටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි වීමට අයිතියක් නැති බවත්, දේශපාලන කුමන්ත්‍රණ හෝ දේශපාලන නිවට කම් කිරීමට සූදානම් නොවන ලෙස ජනාධිපතිවරයාට අවධාරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටක් ලෙස පරණ විදිහට හිත හිත අපේ ආගම්, ජාති ගැන කතා කර කර ජාති ආගම් අතර භේද භින්නතා ඇති කරගෙන තමා දේශප්‍රේමී යැයි මානසික තත්ව ඇතිකරගෙන එකම මඩවලක එරී එකම තැන පල්වෙවී සිටින බව විපක්ෂ නායකවරයා පැවසීය.
කලකට පෙර ගෝත්‍රික ගැටුම් පැවැති රුවන්ඩාව මේ වන විට අප්‍රිකාවේ සිංගප්පූරුව ලෙස හදුන්වන බවත් එහි පාර්ලිමේන්තුවේ සියයට 53ක්ම සිටින්නේ උගත් කාන්තාවන් බවත් එවන් ගැටුමක් යුද්ධයක් තිබූ අප රටේ යුද්ධය අවසන් වුවත් සංහිඳියාව කියන දේ නරක වචනයක් වී ඇති බවත් එසේ ජාති භේද ආගම් භේද ඇතිකර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අප රට බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ බංකොලොත්භාවයට සිංහල දමිළ මුස්ලිම් බර්ගර් කියා බේදයක් නොමැති හෙයින් සියලු ජාතින් ආගම් එකට එකතු වී මේ බංකොලොත්භාවයෙන් ගොඩට විත් රටක් ලෙස ඉදිරියට යැමට එක් වන ලෙස විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මුලතිව්හි පැවැති ජන හමුවකට එක්වෙමිනි.
එසේම සමගි ජන බලවේග රජයක් තුළ ජාති භේදය ආගම් භේදය අවුස්සා රට විනාශ කරන පුද්ගලයන් තරා තිරම නොබලා නීතිය හමුවට ගෙනවිත් දඩුවම් ලබා දෙන බවත් එබැවින් ජාති ආගම් භේද පසෙකලා එකා මෙන් රට ගොඩ ගැනීමට එක්වන ලෙසත් ඉල්ලා සිටියේය.
තවද සමගි ජන බලවේගය බලයට පත් වූ විගසම රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිෂ්පාදන කර්මාන්ත බිහි කරන යුගයක ආරම්භ කරන බවත් ඊට අමතරව ඩිජිටල් විප්ලවයක් හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වෙනසක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
