දේශපාලන පෙරලි මැද පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වනවා. නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු රැස්වීම මෙයයි.

මේ අතර අද පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය තීරණය කිරීම සඳහා උදෑසන අටයි තිහට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයාට අප්‍රසාදය පල කිරීම සඳහා විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාව අද විවාදයට ගැනීම සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයකට එළඹීමට නියමිතයි. 

හිස්ව ඇති නියෝජ්‍ය කථානායක ධූරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීමද අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Exit mobile version