දේශපාලන බලවතුන් සහ රාජ්‍ය සේවකයන් දෙක එකට තියා දුන් අධිකරණ තීන්දුවක්.

තව මාසයක් පමණ යන විට මේ ශ්‍රී ලංකාව නම් වූ සුන්දර දූපත මිහිපිට අපායක් වන බවට අලුතින් සාක්ෂි අවශ්‍ය නොවේ. ඒ සදහා වගකිව යුත්තේ දූෂිත දේශපාලඥයන් ,දූෂිත රාජ්‍ය නිලධාරීන් මෙන්ම දූෂිත සිවිල් පුරවැසියන්ය.

කිසිම පුද්ගලයෙකු සිරගත වී අපා දුක් විඳිනවා දැකීම අප කිසිදා බලාපොරොත්තු නොවන නමුත් දූෂිත ක්‍රමය නිසා දූෂණය වන මිනිසුන්ට කෙසේ හෝ දඩුවම් ලැබීමද සිදු වේ.

මීට සුලු මොහොතකට පෙර විමල්   වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු ප්‍රකාශ කර තිබේ. එසේ ම, රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අධිකරණය එම දඩය නොගෙවන්නේ නම් තවත්  මාස හයක සිර දඬුවම් ද නියම කරන ලදී.

මෙම නඩු තීන්දුවේ ඉතාම වැදගත්ම කොටසක් ද තිබේ. එනම් රාජ්‍ය නිලධාරින්ද වැරදි කර තිබෙන බව සදහන් වීම සහ ඔවුන්ටද තීරණයක් ලබා දීමයි. තීන්දුවට අනුව රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලය මත අයුතු ලෙස කටයුතු කර ඇති බවට සඳහන්ය. මෙම තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙතට යොමු කරවන ලෙස අධිකරණය එහිදී නියම කළේ ය.  පූර්වගාමී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ලබා දුන් මෙම නියෝගයට හේතුව වුයේ  අවිධිමත් රාජ්‍ය ත්‍රාන්තික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමයි.

දේශපාලන වුවමනාවන් මත තම රාජ්‍ය සේවයට පරිබාහිරව තීරණ ගන්නා සියලුම රාජ්‍ය නිලධාරීන්ට මෙය පාඩමක් වන අතර, නිසි නීතියට පරිභාරිව යමින් සිදුකරනු ලබන වැඩ කටයුතු වලින් මිසි තම රාජ්‍ය සේවය නිසි පරිදි පවත්වාගෙන යාමට දැන්වත් කටයුතු කල යුතු බව මෙම නඩු තීන්දුවෙන් සියලුම රාජ්‍ය සේවකයන්ට පණිවිඩයක්ද දෙයි. එසේම රාජ්‍ය සේවකයා සිදුකරන වරද නිසා මෙසේ වැරදි කරුවන් සමාජයට බිහිවන බවද අමතක නොකළ යුතුය.

එබැවින් මෙම වරද කිරීමට ආධාර අනුබල දුන් රාජ්‍ය සේවකයන්ට ද ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දැඩි දඩුවම් ලබා දිය යුතුය.

Exit mobile version