ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැගවුනාද ?
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවීමත් සමඟ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ආගිය අතක් සොයා ගැනීමට නැතැයි පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.
අරගලකරුවන් පැමිණීම වැලැක්වීමට ඔහුගේ සැළසුමකට අනුව යෙදවීමට පිට පළාත්වලින් දහස් ගානක් පොලිස් නිලධාරීන් කොළඹට කැදවා තිබුණි. උදෑසන සිට ඔහු පොලිස් නිලධාරීන්ට අණ දෙමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකරන ලෙස නියෝග කරමින් සිටි බව පොලීසියේ උසස් නිලධාරීන් රැසක්ම කීය.
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවීමත් සමඟ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ජංගම දුරකතන සියල්ලක්ම අක්‍රියව ඇති බව ජනාධිපති මන්දිරය ආරක්ෂාකර ගැනීමට යොදවා සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු නියෝජ්‍ය පොලිස්පතිවරු රැසක්ම සඳහන් කළේය.