දේශීය සම්ප්‍රදායික ඖෂධ පිළිබදව තිබෙන ඉල්ලුම හමුවේ, දේශීය වෛද්‍ය නිෂ්පාදන විදේශීය වෙළදපොලට යොමුකිරීමේ වැඩපිළිවෙලක් වෙත දේශීය වෛද්‍ය අමාත්‍යංශය ගමන් කරමින් තිබෙන බව අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද අනාවරණය කරන ලදී.
“කොවිඩ් 19 වසංගතයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර” පිලිබඳව දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කරන ලද්දේ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාය.
