දෛනික ඉන්ධන අවශ්‍යතාවය ඉහළට

දෛනික ඉන්ධන අවශ්‍යතාවය නොසිතු අන්දමින් ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.

සතියකට මෙට්‍රික් ටොන් 5,500ක් ලෙස පැවති ඩීසල් ඉල්ලුම මේ වන විට මෙට්‍රික් ටොන් 8,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පෙන්වා දී ඇත.

 එමෙන්ම මෙට්‍රික් ටොන් 3,000ක් ලෙස පැවති පෙට්‍රල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 4,500ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඒ මහතා පෙන්වා දී ඇත.

මෙම තත්ත්වය ඉතා බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන් එහි සභාපති සුමිත් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කඩිනමින් කටයුතු කළ යුතු බවයි.

Exit mobile version