දේවාලයක කපුවෙක් සිසුවියක්ව කෙළසලා.

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටි සිසුවියකගේ සිරුර තුළ තිබෙන්නා වූ අද්භූත බලවේගයක් ඉවත් කර දෙන බව පවසා දේවාලයක් තුළදී සිසුවියක් අපයෝජනය කළ කපුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ .

අදාළ සිසුවිය නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සිසුවියගේ සිරුර තුළ තිබුණා යැයි පවසන අද්භූත වලවේගය ඉවත් කර දෙන බවට පොරොන්දු වූ  කොකාවැව අලුත් දිවුල්වැව දේවාලයේ කපුවෙකු එම දැරිය මාපියන් සමඟ තම දේවාලය වෙත ගෙන්වා ගෙන තිබේ.පසුව දේවාලය ඇතුළට එම දියණිය පමණක් ගෙන්වා ගැනීමට කටයුතු කර  ඇති අතර එම අවස්ථාවේදී සිසුවිය මෙම කපුවා විසින් අපයෝජනයට ලක් කර තිබේ. මේ සම්බන්ධයෙන් එම ස්ථානයේදී දැරිය කිසිවක් පවසා නොමැති අතර සිය නිවසට පැමිණීමෙන් අනතුරුව මෙම දැරිය තමාට සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් දෙමව්පියන් හට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

වහා ක්‍රියාත්මක වූ දෙමව්පියන් තම දැරියව වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු  කර ඇති අතර නිට්ටඹුව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සටහන් කරගෙන තිබේ.

Exit mobile version