ධම්මික පෙරේරා කුලප්පු වී ආයෙත් පෙර පාසල් යන්නයි.

 අමාත්‍ය ධම්මික පෙරේරා නොහොත් කැසිනෝ, ධම්මික, කුණු ධම්මික ආදී නම් වලින් ජනතාව ආමන්ත්‍රණය කරන දම්මික පෙරේරා එකවරම නැගී සිටියත් ජනතාව දැඩි අප්‍රසාධයෙන් කතා කරණ බව අප ඊයේ වාර්තා කලේ සමාජ මාධ්‍ය උපුටාගෙනය.

පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සූදු කෙලින් බදු අයකරගත හැකිවන ලෙස නව සංශෝධන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමත් සමගම ධම්මික පෙරේරා අග්‍රාමාත්‍යවරයාට අභියෝග කළේය.  ධම්මික කතා කරමින් අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස විවේචනය කිරීමෙන් අපට පෙනී ගියේ ධම්මික පෙරේරා විසින් කැසිනෝ ව්‍යාපාරයෙන් නොහොත් ජනතාව විනාශ කරන සූදු කෙලියෙන් මෙතෙක් රජයට බදු ගෙවා නැති බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ධම්මික පෙරේරා වහාම අමාත්‍ය දූරයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා තිබේ. එසේ නොමැති වුවහොත් තමන්ට තීරණයක් ගැනීමට සිදුවන බවද එම ලිපියේ සදහන් බව ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වුවත් රාජ්‍ය පරිපාලනය ගැන අකුරක්වත් නොදත්, ව්යාපාරගන පමණක් දත් පුද්ගලයෙකු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීමට පෙර නැවත පාසල් යැවිය යුතු බව අප සදහන් කලේ ධම්මික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කල දිනයේදීමය. අපගේ ලිවිල්ල නැවතත් තහවුරු කරමින් සමාජයට ඔහු විසින්ම ලබා දුන් පණිවිඩය තුලින්ම කියවුනේ ඔහුගේ ව්‍යාපාරයන් වලින් බදු අය කරගැනීමට කටයුතු කල නිසා අගමැති සමග වෛරයෙන් පසුවන බවයි.

රටට ආදරේ මිනිසුන් කිසිදා පිටරටවල් වල කුණු තම මව් බිමට රැගෙන නොඑනු ඇත. එසේම තමන්ගේ කතාවෙන්ම ජනතාව ඔහු වැළදගනීවි යයි සිතන තරමින්ම, පාස් පොට් පෝලිම නැති වූ තරමින්ම තමන් පොරක් යයි ධම්මික පෙරේරා සිතා සිටීමෙන්ම පෙනී යන්නේ ඔහුගේ කූට ව්‍යාපාර සේ ජනතාවද එම කූට උපායන්වලට රැවටෙනු ඇති බව නම් ඔහු මුලින්ම කල යුත්තේ ඔහුගේ ප්‍රකාශය සදහන් වීඩියෝ වලට යටින් දමා ඇති ජනතා අදහස් දෙස අවධානය යොමුකර නැවත පෙර පාසලෙන් පටන් ගැනීමයි.

https://www.ravanalankanews.lk/11959/05/%e0%b6%b0%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%9a%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b7%96%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba-%e0%b7%80/39/09/
https://www.ravanalankanews.lk/12573/06/%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b7%9a%e0%b6%b8-%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%af%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b8%e0%b7%90%e0%b6%af/14/09/
https://www.ravanalankanews.lk/11959/05/%e0%b6%b0%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%9a%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b7%96%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba-%e0%b7%80/39/09/
Exit mobile version