එක්ෂත් ජාතීන්ගේ සංවිධානයේ සංක්‍රමණිකයන් පිලිබද ජර්මාණු නියෝජිතවරිය වන නීතීඥ ටිකිරි සුභාෂනී මහත්මිය තම මුහුණු පොත තුල සටහනක් යොදමින්, වසන්ත මුදලිගේලා හා සම්බන්ධ නඩුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉවත් කිරීම පිලිබදව සටහනක් යොදා තිබේ.
“අපේ පරපුරේ නඩුකාර තුමිය..“
“මම නමක් දන්නේ නැහැ..හැබැයි විස්තරයක් ඇහුවා..වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමි සම්බන්ධ නඩුවේ මෙතෙක් විනිසුරුවරිය සිරිධම්ම හිමිගේ සෞඛ්‍ය තත්ත්වය නරක යයි අසා ශක්ති ජනක බිමක් ලෙස සකසන සස්ටර්ජන් ටින් දෙකෙක් තම වියදමෙන් නඩු වාරය අවසානයේ ලබා දුන් බව.මේක මනුෂ්‍ය හදවතක් ඇති විනිසුරුවරියක ගේ වැඩක්.ඒත් එතුමිය ..තීන්දුවක් දෙන්නේ කරුණු කාරණා සලකා බලලා.මේක මෙතුමිය ඒ නඩුවෙන් අයින් කරන්න හේතුවක් නම්.. ඒක අරුමයක්.. මොකද ඉලන්චේලියන් මහත්මයත් එහෙනම් ඒ දවස් වල උසාවියෙන් මාරු කරන්න ඕන.
2000 වර්ෂයේ අපි හැමෝම ආදරය කරන ඉලන්චේලියන් විනිසුරුතුමා සේවය කලේ වවුනියාව අධිකරණයේ.මගේ ඇහැට දැකල තියෙනවා,කණට ඇහිලා තියෙනවා,කසිප්පු පෙරාපු,විකුණපු කාන්තාවෝ දෙවන තුන්වනවර උසාවියට ඉදිරපත් කරාම නීතීය අනුව ලොකු දඩයක් නියම කරනවා..ඒත් උසාවියේ විවේකයක් අරන් මුදලියාර් අතට සල්ලි දීලා අර ඉහල දඩය ගෙවන්න නඩුකාර තුමාම සල්ලි දෙනවා.
ඒ කාන්තාවෝ ඒ රස්සාව කරන්නේ කරන්න වෙන දෙයක්ම නැති නිසා කියලා විනිසුරුතුමා දැන සිටියා.නීතීය රකින ගමන් මනුෂ්‍යත්වය රකින එවන් නඩුකාර වරු දෙන්නෙක් මම ජිවිතේ දැක්කා..ඒ ඉලන්චේලියන් හා නම නොදන්නා වසන්තලාගේ නඩුවේ විනිසුරුතුමිය..අපිට ඒ වගේ සියගණනක් ඕන.” ලෙස එහි සටහන් කර තිබේ“
එම පුවත අප පලකල ආකාරය පහතින්
