අද (25) දුම්රිය රියදුරු සහ සහයකයන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (25) පෙරවරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියෙකු ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙත්ත් නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය රැසක් ධාවනය සඳහා එක් කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර නිල වශයෙන් නිවේදනය කර තිබුණද එම දුම්රිය වැඩි සංඛ්‍යාවක දුම්රිය ගමන් වාර අවලංගු කර ඇති බවත් ප්‍රධාන මාර්ගයේ අද පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාරද අවලංගු කර ඇති බවත් එම නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
එසේම දුම්රිය රැසක් හිටිහැටියේ අවලංගු කිරීමෙන් ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර ප්‍රධාන මාර්ගයේ ගම්පහ සිට කොළඹ කොටුව දක්වා පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින මගීන් පැය දෙකක පමණ කාලයක් මේ වන විට දුම්රිය ස්ථානවල රැඳී සිටින බවත් වාර්තා වේ.
