නයිජීරියානු ජනාධිපතිවරණය අදයි.

නයිජීරියාවේ ජනාධිපතිවරණය අද (25) පැවැත්වෙන අතර ඒ සඳහා මිලියන සංඛයාත ජනයා ඉතා උද්යෝගිමත්ව ඡන්දය ලබා දීමට පැමිණෙමින් සිටින බවට විදේශ මාධ්‍ය වාර්තා කරන ලදි.

වත්මන් ජනපති මුහුමාඩු බුහාරි වසර 8ක් ජනපති ධූරය දැරූ අතර ඔහුගේ ධූර කාලය අවසන් වීමට නියමිතය නිසා ජනාධිපතිවරණය සඳහා කම්කරු පක්ෂ‍ය නියෝජනය කරමින් පීටර් ඔබී,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අට්කු අබුබකර් සහ ඒ.පී.සී. පක්ෂය නියෝජනය කරමින් බොලා ටිනිබු ඇතුලු අපේක්ෂකයින් 18 දෙනෙකු ඉදිරිපත් වූ බවට වාර්තා වේ.

Exit mobile version