නර්තන ශිල්පිනී රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි .

දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය ඊයේ (20) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ .

දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටි තැනැත්තියකි.

රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම් මහත්මිය මිය යන විට මියයන විට 71 වියේ පසු වූවාය.

නැටුම් ගුරුවරියක ලෙස මුල්ම පත්වීම ලබා ඇය සේවය කර ඇත්තේ හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලෙයි.

Exit mobile version