නව අග්‍රාමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස පත් වීමට නියමිතව තිබේ.?

ශ්‍රී ලංකාවේ නව අගමැති ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

නමුත් මේ පිලිබදව තවමත් නිල වශයෙන් නිවේදනය කර නැති අතර කතානයකවරයාටද දැනුම් දී නැත. කෙසේ නමුත් නව අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාට දැනුම් දී තිබුණි.

පොදුජන පෙරමුණ හැරුණු විට වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාටය. ඔහු විපක්ෂ නායකවරයාද වේ. කෙසේ නමුත් වර්තමාන ගැටළු විසදාගැනීමට ඔවුන් සියලු දෙනාගේම එකතුව අත්‍යාවශ්‍ය වේ.  

Exit mobile version