නව ධූර කිහිපයක් පත් කෙරෙයි.

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති වශයෙන් නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා ද , ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ද , භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම සම්බන්ධ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති වශයෙන් බුද්ධික පතිරණ ද ජාත්‍යන්තර සබදතා පිළිබද ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද පත් කෙරුණු බව වාර්තා කරයි.

නාමල් රාජපක්ෂ මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබදතා පිළිබද ආංශික අධීක්ෂණ කමිටු සභාපති ලෙස පත්වීම ගෞරවයක් බවයි.

Exit mobile version