ශ්‍රී ලංකා පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනාධිපති වරයා නිර්දේශ කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කර තිබෙන බව වාර්තා වේ.
වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මේ මස 25 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගැන්වීමෙන් පසුව ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් තෝරා පත් කරගෙන ඇති බව සදහන් වේ.
පසු ගිය මැයි මස 9 වැනිදා සිදු කල පහරදීමේ සිද්දියේ සිට ඔහුට විවිද චෝදනා එල්ල විය. කෙසේ නමුත් ඔහුට විරුද්දව චෝදනා පත්‍ර කිසිවක් බාර දුන් බවක් වාර්තා නොවිනි. එසේම දේශබන්දු තෙන්නකෝන් මහතාට දැඩි ජනතා අප්‍රසාදයක් මේ වන විටත් පවතී. නමුත් ජනතා අරගල නීතී විරෝදී ලෙස හෝ පාලනය කිරීම සදහා රනිල් වික්‍රමසින්හ මහතාට හොද හයියක් වීමට දේශබන්දු තෙන්නකෝන් වැනි අය අවශ්‍ය වේ. කොහොම උනත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටද අවසානයේ හිර ගෙදර උරුම වූ බැවින්, පොලිස්පති දූරය ලැබීමෙන් පසුව හෝ නීතියට අනුව පමනක් කටයුතු කිරීම ඔහුගේ මතු ආරක්ශාවට යහපතක් වනු ඇත.
එසේම පොලිස් දෙපාර්තමේන්තුවට තිබූ ගරුත්වයට දැඩි ලෙස හානි වුයේද දේශබන්දු තෙන්නකෝන් මහතාගේද නීතිවිරෝදී ක්‍රියා හේතුවෙනි. ඔහුගේද සහායෙන් විනාශ වී ඇති පොලිස් දෙපාර්තමේන්තුව නැවත යතා තත්වයට පත්කිරීම ඔහුගේ ප්‍රමුඛතම කාර්‍ය විය යුතුව තිබේ.
(මෙම පුවත අප විසින්ම තහවුරු කරගෙන නොමැති බව කාරුනිකව සදහන් කෙරේ.)