නව රාජ්‍ය අමාත්‍යවරුන් අද දිවුරුම්දෙයි.

අද (08) දිනයේ නව රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිතව ඇත.

අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් දීම සිදු කිරීමට නියමිතව ඇත.

වාර්තා වන පරිදි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් දිවුරුම් දීමට නියමිත බව සඳහන් වේ.

මෙහි දී බහුතරයක්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට හිමිවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් පිරිසකට ද මෙසේ අද දිනයේ දී රාජ්‍ය අමාත්‍යධූර හිමි වේ.

Exit mobile version