ඇතැම් ක්ෂේත්‍රවල පවතින වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් නව වෛද්‍යවරුන් 2500 ක් බදවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ ඒ සදහා මුදල් අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලා ඇති බව හා ඉදිරියේ දී වෛද්‍යවරුන්ගේ හිගයක් ඇති නොවන බවයි.
එමෙන්ම ඔහු වැඩි දුරටත් සදහන් කළේ ඇතැම් වෛද්‍යවරුන් රට අතැහැර ගොස් හා නිවඩු දමා විදේශ ගතව සිටින බවයි. රජයේ වියදමින් විදේශ ගතව නැවත මෙරටට නොපැමිණෙන අය සදහා නඩු පැවරීමට පියවර ගන්නා බවත් ඔහු සදහන් කරන ලදී.