ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට නව සමාගමක් ස්ථාපනය කිරීමට නියමිතව ඇත.
“ට්‍රින්කෝ ටර්මිනල් ලිමිටඩ්” නමින් එම සමාගම පිහිටුවීමට නියමිතව ඇති අතර එය ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ ස්ථාපනය කෙරේ.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් අබේසිංහ මහතා ප්‍රකාශ කරන්නේ ත්‍රිකුණාමලයේ පිහිටි මෙම තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා අදාළ ගිවිසුම් මාසයක් ඇතුළත දී ලංකා අයි.ඕ.සී.සමාගම ඇතුළු ඉන්දියාවේ තවත් පාර්ශව කිහිපයක් සමග එක්ව අත්සන් තැබීමට නියමිත බවයි.
ඒ අනුව දැනට ලංකා අයි.ඕ.සී. සමාගම යටතේ පවතින තෙල් ටැංකි 14ට අමතරව ඉතිරි තෙල් ටැංකි 85 ද මේ යටතේ සංවර්ධනයට යොමු කිරීමට නියමිතව ඇත.
