නාමල්ට දකුණේ ගොවියො ගැන දුක හිතිලා.

නියඟයෙන් පීඩාවට පත්වූ ජනතාව හා ජලය අපේක්ෂාවෙන් සිටින ගොවිජනතාව සඳහා වන ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය මෙන්ම වැඩපිලිවෙල ප්‍රකාශ කරන්න. – නාමල් රාජපක්ෂ

නියඟයෙන් පීඩාවට පත්වූ ජනතාව හා ජලය අපේක්ෂාවෙන් සිටින ගොවිජනතාව සඳහා වන ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය මෙන්ම වැඩපිළිවෙල ප්‍රකාශ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඔහු මේ බව ප්‍රකාශ කළේ බිංගිරිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

” ගොවීන්ට විශාල වශයෙන් නියඟයෙන් හානි වෙලා.විශේෂයෙන්ම දකුණු පළාතේ ගොවියන්ට නැගෙනහිර,උතුරුමැද, වයඹ වගේම දිවයින පුරා ගොවීනුත් මෙම නියඟයෙන් පීඩාවට පත්වෙලා තියෙනවා.මේ ජනාධිපති පත්කළේ අපි.ඒ නිසා අපට ජනාධිපතිවරයාගෙන් හා කැබිනට් මණ්ඩලයෙන් කෙලින්ම අහන්න ඕනෙ මොකක්ක්ද නියඟයෙන් පීඩාවට පත්වූ ගොවීන්ට දෙන සහන ඒ වගේම ජල ප්‍රශ්නයට දෙන විසඳුම මොකක්ද කියන එක.ඒ වගේම මේ පිළිබඳව මොකක්ද ඔවුන්ගේ ස්ථාවරය මොකක්ද කියන එක. ඒ වගේමයි ජනාධිපතිවරයා දේශගුණික විපර්‍යාස සමුළුවට සහභාගී උනා.එම සමුළුවේ රටවල් සමඟ හොඳ සම්බන්ධතාවක් තියෙනවා.එම රටවල් වලින් මේ මොහොතේ අපට ලබාගත හැකි ආධාර උපකාර මොනවද කියන එකත් අපි බලන්න ඕනෙ.ඒ වගේම අපි පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේමයි විපක්ෂනායකතුමාට හා අනුර දිසානායක සහෝදරයාටත් මම කියනවා විවේච්න නොකර ප්‍රායෝගික ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගන්න ඕනෙ කියලා මේ ගැටළුවට මුහුණ දීමට.මෙය දේශපාලන කාරණයක් නෙවෙයි.විශේශයෙන්ම අපි දේශපාලන වශෙයෙන් බෙදී හිටියත් ස්වභාවධර්මයට මුහුණ දෙන්න වෙන්නේ එකට.ඒ නිසා අප සියළු දෙනා එක්වී ජල කලමණාකරණය,විදුලි උත්පාදනය හා ගොවිජනතාවගේ අස්වැන්න සාර්ථක කරගන්න සියළු දෙනා එක්වී ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. “

Exit mobile version