නාමල් කුමාර ගස් බඳියි

නාමල් කුමාර යනු මීට වසර කිහිපයකට පෙර විශාල වශයෙන් පුවත් මැවූ පුද්ගලයෙකි.මොහු ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් අනතුරුව ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ සමඟ එක් වී කටයුතු කරමින් සමාජයේ ප්‍රබල පුවත් මවපු පුද්ගලයෙකි.

එසේම පොලිසියට ඔත්තු ලබා දීම් වැනි ක්‍රියාකාරකම් සිදු කරන බවට ද තොරතුරු පවතී.

දූෂණ විරෝධී පෙරමුණ නමැති සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂක ධූරය හොබවන මොහුව බැඳ තමා ඇති ඡායාරුපයක් මේ වන විට සමාජ මාධ්‍යජාල වල සංසරණය වෙමින් පවතී.

මේ පිළිබඳව සොයා බැලීමේදී වාර්තා වන්නේ නාමල් කුමාර විසින් කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදු කර ඇති අතර  ඒ අවස්ථාවේ  එම කාන්තාව විසින් නාමල් කුමාරව නිවස අසල ඇති ගසක බැඳ පහර දී ඇත.පසුව තවත් සිව්දෙනෙකු පැමිණ පහර දී ඇත.

කෙසේ වෙතත් එම කාන්තාව විසින් වරකාපොල පොලිසියට පමිනිල්ලක්ද ගොනු කර ඇත.ඒ අනුව වරකාපොල පොලිසිය නාමල් කුමාරව අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

එසේම නාමල් කුමාර විසින්ද පොලිසියට පැමිණිල්ලක් ඉදරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් සිය බිරිඳ සමඟ වරකාපොල නගරයට ගිය අවස්ථාවේ නීති විරෝධී ලෙස මත්පැන් අලෙවිකරණ නිවසක් පිළිබඳව ඔත්තුවක් ලැබී එය සොයා බැලීමට ගිය අවස්ථාවේ අදාළ කාන්තාව පුද්ගලයින් සිව් දෙනෙකු සමඟ තමාට පහර දුන් බවයි.එසේම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ වරකාපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඔත්තු බැලීමට පවසා ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් පොලිසිය සඳහන් කර ඇත්තේ කිසිදු දිනක නාමල් කුමාර විසින් කිසිදු ඔත්තුවක් ලබා දී නොමැති බවයි

Exit mobile version