නාමල් රාජපක්ෂලාට අමතක වූ බේරේ වැවේ සිද්ධිය පාඨලී ආයෙත් මතක් කරයි.

මැයි 9 වැනිදා සිද්ධිය සිහිකරගෙන ගෑස්, ඉන්ධන සහ ගල් අඟුරු ගනුදෙනුවලට කරන මැදිහත්වීමෙන් මෙන්ම වහාම දේශපාලනයෙන් ඉවත්ව යා යුතු බව 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. ඒ අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී වදිදුරටැහැ කරනු දක්වමින්, “ජනතාවගේ පැත්තෙන් සිට කිවොත් වහාම නාමල් රාජපක්ෂ මහත්තයල වාහම දේශපාලනයෙන් ඉවත් වෙන්න. ඔබලා විසින් කොල්ල කන ලද ධනය මේ රටේ ජනතාවට ලබා දෙන්න. ඔබලා සම්බන්ධයෙන් මෙරට ජනතාවගේ තියෙන්නේ පිළිකුල් සහගත තත්වයක්”, බව ප්‍රකාශ කරන ලදී.

එසේම, ඊ ලග මැතිවරණයෙන් පොහොට්ටුවේ කයිවාරුකාරයන්ට තත්වේ මොකද්ද කියලා තේරෙන බවද, මැයි 9 වැනිදා මේ රටේ ජනතාව පාඩමක් ඉගැන්නුවේ බේරේ වැව වටේදී බවත්, ඒ පාඩමවත් සිහියේ තබාගෙන දේශපාලනයෙන් කරුණාකරලා ඉවත්වන ලෙසද, ඔවුන් මේවාට ඇගිලි ගසන වාරයක් පාසා සිදුවන්නේ රටේ ජනතාවගේ කෝපය තවත් ඉහල නංවන එක පමණක් බවද වැඩි දුරටත් සදහන් කරන ලදී.

Exit mobile version