නායයෑමකින් පවුලක්ම යටවෙයි

රඹුක්කන,දොඹේමඩ ප්‍රදේශයේ නායෑමක් හේතුවෙන් නිවසක් සම්පූර්ණයෙන් යටවී ඇති අතර එහිදී නිවසේ සිටි තිදෙනෙක් මියගොස් ඇත.

එම අවස්ථාවේ නිවස තුළ මව,පියා,දියණිය සහ ඥාති දියණියක් සිටි බවට වාර්තා වේ.

ඒ අනුව මව, දියණිය සහ අනෙක් ඥාති දියණිය මෙලෙස මියගොස් ඇති අතර පියා මේ වන විට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Exit mobile version