නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ උෂ්ණත්වය ඉහළට.

නැගෙනහිර ඕස්ට්‍රේලියාවට බලපා තිබෙන දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් එරට ලැව් ගිනි හට ගෙන ඇති අතර ඉන් වනාන්තර රැසක් විනාශ වීමේ අවධානමට ලක්ව ඇති බවත් සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය අවට හෙක්ටෙයාර් දෙදහසක් පමණ මේ වන විට විනාශ වී ඇති බවයි . එමෙන්ම ප්‍රාන්තය පුරා ලැව් ගිනි 33 ක් පමණ වාර්තා වී ඇති බව සදහන් කරයි .

Exit mobile version