ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල බෙදුම්කරුවන් ඉන්ධන තොග මිලදීගැනීමට මහජන බැංකුවේ තැන්පත් කිරීම ඊයේ (14) මධ්‍යම රාත්‍රී සිට අත්හිටවා තිබෙන බව වාර්ථා වේ. වාර්ථාවන ආකාරයට මහජන බැංකුවේ ගිණුම්වල මුදල් තැන්පත් කරන බෙදුම්කරුවන්ට ඉංධන නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සබරගමුව ප්‍රාදේශීය කළමණාකාරවරයා බෙදුම්කරුවන්ට දැනුම්දී ඇති බවද බෙදුම්කරුවෝ ප්‍රකාශ කරති.
මේ හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අනතුරු හගවන අතර අමාත්‍ය කාංචන විජේසේකර මහතාද පසු ගිය දිනෙක ප්‍රකාශ කලේ ” ඉංධන පෝලිමි යුගයක් නිර්මාණය කිරීම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.
සැබැවින්ම ඉංධන හිගයක් ඇතිවීමට තිබියදී, මේ ආකාරයෙන් කටයුතු කර කුමන්ත්‍රණයක් කරන බවට පෙන්වීම සැලසුම් සහගතව ඇතිකරවන ක්‍රියාවක්ද යන්නද පැහැදිලි නැත. කෙසේ නමුත් මහජන බැංකුව යනු රාජ්‍ය බැංකුවක් බැවින් එම ගණුදෙනු නැවැවීමට කිසිම බලයක් ඔවුන්ට නැත.
