ශ්‍රී ලංකාවේ දේශපාලඥයාට අවශ්‍ය බලය පමනි. බහුතර ජනතාවකට අවශ්‍ය වන්නේ තමන්ගේ නායකයන් බලයට පත් කර ගැනීමටයි. රාජ්‍ය සේවකයාට ද එසේමය. නමුත් එදා වේල සොයා ගැනීමට දුක් විදින මිනිස්සු ගැන , ඔවුන්ගේ කුසගින්න ගැන හෝ හිතන්නට මේ දෙපාර්ශ්වයම අවශ්‍ය නැත. ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනත් එකකි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තබු ජනතා කැමැත්ත විනාශ වුයේ හමුදා සාමාජකයන් නිරායුධ මිනිසුන්ට පහර දුන් නිසාය. ජනාධිපති ලේඛම් කාර්යාලය මුදා ගැනීම නිසා නොවේ.
පහරදීමත් සමගම ජනතාව කැලඹී තිබෙන අතර සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබු රටේ තත්වය වෙනස් වී තිබේ. නිසඩව සිටි වෘත්තිය සමිති පොදුජන සංවිධාන නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එරෙහිව සංවිධානය වෙමින් සිටී.
මේ වන විටත් අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර තිබෙන්නේ ලබන අවුරුද්දේ ඉංධන ගැනීමට ඇති අභියෝගයි. ඒ අතර සමගි ජන බලවේගයේ වෘත්තිය සමිති සදහන් කරන්නේ ලබන මස සිටම ඉංධන නැති විය හැකි කථාවකි.
ඒ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් සීමා කර තිබේ.
මෙරට අද වන විට සංස්ථාව විසින් දිනකට බෙදනු ලබන්නේ පෙට‍්‍රල් මෙට්ට්‍රික් ටොන් තුන්දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් හාරදහසක් පමණක් බවද වාර්ථා වේ.
සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට අගෝස්තු මාසයේ සිට සිට ඉන්ධන ගෙන්වීමට මුදල් නැති බවයි. නමුත් ඉංධන බෙදා හැරීම් නොකල මාසයේ ඔවුන්ට අතිකාල දීමනා ලෙස කෝටි 40 ක් ගෙවා තිබෙන බවද වාර්ථා විය
එසේ නම් ආරම්භවන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයෙන් පැන්නීමේ මෙහෙයුම විය හැකිය. නුතන ලෝකයේ ක්‍රියාත්මක වන දේ ගැන, ඔවුන්ගේ ක්‍රියාමාර්ග ගැන මනා අවබෝධයක් නොමැතිව හමුදාව යොදා ජනතාව මර්ධනය කිරීමෙන් නුතන ලෝකයේ රටවල් පාලනය කල නොහැක. නුතන ලෝකයේ පවතින ආකාරය ගැන නොදැන අඩුම තරමේ ගමක් හෝ ආයනයක් වත් පාලනය කල නොහැක. එසේ නොදැන පාලනය කිරීමේ ප්‍රතිපලය අප තවමත් අත් විඳින්නේය.
